Jun
15
2012

මදුරුවන් බෝ කරාට හිමි නමකට ඇතුළු දොළොස් දෙනෙකුට එරෙහිව නඩු …………

අද දින පිටිගල මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා විසින් හිමි නමකට ඇතුළු තවත් දොළොස් දෙනෙකුට එරෙහිව මදුරුවන් බෝ වියහැකි ස්ථාන පවත්වා ගෙන යාමෙන් 1897 අංක :3 දරණ රෝග ස්පර්ශකයන් වෙන්කර තැබීමේ හා රෝග වැලැක්වීමේ ආඥා පනතේ 2 වන වගන්තිය සමග කියවෙන 2007 අංක 11 දරණ මදුරුවන් බෝවීම වැලැක්වීමේ පනතේ 3 වන වගන්තිය යටතේ ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරන ලදි. චුදිත හිමිනම අද දින අධිකරණයට නොපැමිණි අතර නීතිඥ වරයෙකු පෙනී සිට හිමි නම ඉදිරිපත් කිරීමට දින ඉල්ලා සිටි අතර ඒ සඳහා අධිකරණය අවසරය ලබා දෙන ලදි.

සියලුම චුදිතයන් අධිකරණය විසින් කියවා දුන් චෝදනා පත්‍රයට වරද පිළිගත් අතර ඇල්පිටිය මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා  දඩ නියම කරන ලදි.වයස්ගත එක් චුදිත ඔහුගේ වයස්ගත භාවය සලකා නඩුවෙන් නිදහස් කළ අතර අධිකරණය මගින් අවවාද කිරීමක් පමණක් කරන ලදි.

විශේෂයෙන් ලංකාවේ කාලයක් තිස්සේ පැතිර යන ඩෙංගු වසංගතය ව්‍යාප්ත වීමෙන්  සැලකිය යුතු ප්‍රමාණයක් මියයන ලදි.මේ තත්වය සලකා බලා වර්ෂ 2007 අංක 11 දරණ මදුරුවන් බෝ වීම වැළක්වීමේ පනත පාර්ලිමේන්තුව විසින් සම්මමත කරන ලදි.පනතේ අරමුණ ලෙස සඳහන්ව ඇත්තේ “මදුරුවන් බෝවීම වැලැක්වීම සඳහා සහ මදුරුවන් බෝවෙන ස්ථාන තුරන් කිරීම සඳහාද ,ඊට සම්බන්ධ හෝ අනුශාංගික කරුණු සඳහාද විවිධාන සැලැස්වීම සඳහා වන පනතක් ලෙස සඳහන්වේ.

මෙම පනත යටතේ නඩු පැවරීමට ප්‍රථම අදාල වරද කරනු ලබන පුද්ගලයා වෙත සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා හෝ ඔහුගේ බලයලත් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා හෝ සෞඛ්‍ය වෛද්‍ය වරයා විසින් වරද නිවැරදි කිරීමට දැන්වීමක් කලයුතු බවට පනතේ සඳහන් වේ.මෙම පනත යටතේ වරදක් කරන සෑම තැනැත්තෙකුටම  රුපියල් දහසකට නොඅඩු දඩයකට සහ රුපියල් විසි පන්දහසකට නොවැඩි දයකට යටත්වේ.මෙම පනතේ කාර්ය සඳහා දේපලකට ඇතුල්වීමේ බලය සෞඛ්‍ය අධ්‍යක්ෂක වරයාට හෝ බලයලත් නිලධාරියෙකුට නීතිමය බලය ඇති බවද මතක තබාගත යුතුය.

නීතිඥ මාධව ලොකුසූරිය                                                                                                             0777 422 524  

 

VN:F [1.9.10_1130]
Rating: 0.0/10 (0 votes cast)

About the Author: madhawa lokusooriya

Leave a comment

Advertisements

maduwanwela
Lion Jobs