පරිගණක සහ තොරුතුරු තාක්ෂ්ණය යන ක්ෂේත්‍රයට අදාලව ලංකාවේ නීති තත්වය සලකා
බැලීමේදී ප්‍රධාන වශයෙන් පාර්ලිමේන්තුව විසින් පනවන ලද පනත් කිහිපයක් වැදගත් වේ.එනම්,
(1).වර්ෂ 2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනත (Intellectual Property Act No:-36 of2003,
(2).සන්නිවේදන තාක්ෂනය සහ තොරතුරු පිලිබඳ වර්ෂ 2003 අංක:27 දරණ පනත,(Information and Communication Technology Act No 27 of 2003)
(3).ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පිලිබඳ වර්ෂ 2006 අංක:19 දරණ පනත (Electronic Transactions Act No:-19 of 2006)
(4).පරිගණක අපරාධ පිලිබඳ වර්ෂ 2007 අංක:-30 දරණ පනත (Computer Crimes Act 24 of 2007)
(5).වර්ෂ 1995 අංක;-14 දරණ සංශෝධිත සාක්ෂි (විශේෂ විධිවිධාන) පනත (The Evidence Special Provisions Act No;14 of 1995)
වෙබ් අඩවියක් යනු බොහෝ ආයතන හා පුද්ගලයන් අන්තර්ජාලය තුල ස්වකිය නිෂ්පාදන ,සේවා සහ නිර්මාණ පිලිබඳ කරුණු අන්තර්ගත කරන විද්‍යුත් තාක්ෂණික අවකාශයකි.
ඉහත සඳහන් කළ පනත් සම්බන්ධයෙන් වෙබ් අඩවි නිර්මාණයේදී ඉතාම වැදගත් වන පනත වර්ෂ 2003 අංක:36 දරණ බුද්ධිමය දේපළ පනතයි.එකී පනතේ වෙබ් අඩවි නිර්මාණයේදී පහත විස්තර කෙරෙන නෛතික සංකල්ප කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ.
වෙබ් අඩවි සහ ප්‍රකාශන අයිතිය :-
ප්‍රකාශන අයිතිය යනු කිසියම් ශාස්ත්‍රීය, කලාත්මක,විද්‍යාත්මක කෘතියක හෝ සෞන්දර්ය නිර්මානයක හෝ පරිගණක වැඩසටහන නිර්මාණකරුට නීතියෙන් හිමිකර දී තිබෙන අයිතිවාසිකම් වේ.වර්ෂ 2003 අංක ;36 දරණ බුද්ධිමය දේපල පනතේ 5 වන වගන්තියේ සිට 27 වන වගන්තිය දක්වා මෙම ප්‍රකාශන අයතිවාසිකම් සම්බන්ධයෙන් ප්‍රතිපාදන සලසා ඇත.ප්‍රකාශන අයිතිවාසිකම් වර්ග දෙකකි . එනම් ,
1.ආර්ථික අයිතිවාසිකම්,
2.සදාචාරාත්මක අයිතිවාසිකම්
බුද්ධිමය දේපළ පනතේ නව ප්‍රකාශන හිමිකරුවෙකුට හිමි ආර්ථික අයිතිවාසිකම් වන්නේ තමා නිර්මාණය කරන ලද නිර්මාණය ප්‍රති නිෂ්පාදනය කිරීම,පරිවර්තනය කිරීම,විකිණීම ,කුලියට දීම වැනි අයිතිවාසිකම් වේ.
සදාචාරාත්මක අයිතිවාසිකම් වන්නේ ආර්ථික අයිතිවාසිකම් වලින් ස්වාධීනව එකී ආර්ථික අයිතිවාසිකම් අහිමි වූ අවස්ථාවක පවා මුල් නිර්මාණකරුට හිමිවන අයිතිවාසිකම් වේ.එනම් එකී නිර්මාණය ප්‍රයෝජනයට ගැනීමේදී මුල් නිර්මාණකරුගේ නම සඳහන් කිරීම,මුල් කෘතිය විකෘති කිරීමෙන්,විකරණයකට ලක් නොකිරීමට ඇති අයිතිවාසිකම් වේ.
වෙබ් පිටුවක් නිර්මාණය කරනවාත් සමගම ප්‍රකාශන අයිතිය එකී නිර්මාණකරුට හිමි වේ.නමුත් එකී නිර්මාණය ස්වාධින තමන්ගේම නිර්මාණයක් විය යුතු අතර වෙනත් අයෙකුට අයිති නිර්මාණයක් පල කරන්නේ නම් ඊට නීතිමය රැකවරණයක් නොලැබේ.වර්තමානයේ විවිධ වෙබ් අඩවි විවිධ රුපවාහිනී චැනලයන් මගින් ප්‍රචාරණය වන ටෙලි නාට්‍ය,චිත්‍රපටි,පුවත් එලෙසම තම වෙබ් අඩවියෙන් පල කිරීම 2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනත යටතේ අපරාධ සහ සිවිල් යන අංශ දෙකේම නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීමකි.
උදාහරණයක් වශයෙන් ස්වාධින රුපවාහිනී චැනලය මගින් ප්‍රචාරණය වන ටෙලි නාට්‍යක් වෙනත් වෙබ් අඩවියක් හරහා නැවත එකී ස්වාධින රුපවාහිනී ලාංචනය යටතේ ප්‍රචාරය කලද බුද්ධිමය දේපළ පනත යටතේ ප්‍රතිපාදන උල්ලංඝනය කිරීමකි.නමුත් එවැනි අවස්ථාවක නීතිය ක්‍රියාත්මක වන්නේ අදාල නිර්මාණ හිමිකරුවන් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කරන්නේ නම් පමණි.
නමුත් ප්‍රකාශන අයිතිය සාධාරණ භාවිතය පිලිබඳ අවස්ථාවකදී නීතිය ක්‍රියාත්මක නොවේ.එනම් පාසලක උගන්වන ගුරුවරයෙකු තම ශිෂ්‍යන්ට කිසියම් පොතක පිටු කිහිපයක් ඡායා පිටපත් කොට බෙදා හෑරීම වරදක් නොවේ.
ඉහත කි නීති තත්වය පහත තීන්දු වී ඇති නඩු ආශ්‍රයෙන් තෙරුම් ගැනීම වැඩ පැහැදිලි වේ.
1.ජෝ අබේවික්‍රම එදිරිව කපිල තිස්ස කුමාර
(කොලඹ පැවැත්වෙන බස්නාහිර පළාතේ සිවිල් අධිකරණ බලය ක්‍රියාත්මක කරන පළාත්බද මහාධිකරනයේ නඩු අංක:15/2003 )
මෙම නඩුවේ පැමිණිලිකරු වූ ජෝ අබේවික්‍රම මහතා රචනා කළ “සකි සඳ එලියස් “නමැති කෘතියේ රුපවහිනී ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කොට ප්‍රචාරය කිරීමේ අයිතිවාසිකම ජාතික රුපවාහිනිය වෙත ලබාදුන් අතර ජාතික රුපවාහිනිය එකී කෘතියෙන් ටෙලි නාට්‍යක් නිෂ්පදනයකොට ප්‍රචාරය කරන ලදී.
විත්තිකාර කපිල තිස්ස කුමාර නමැත්තා එකී ටෙලි නාට්‍ය වීඩියෝ පටයක ගබඩාකර නැවත පිටපත් මුදලට අලෙවි කළ අතර ජෝ අබේවික්‍රම මහතා නඩුවෙන් ඉල්ලා සිටියේ එසේ තමාට අයත් නිර්මාණයේ පිටපත් වීඩියෝ පට වශයෙන් හෝ වෙනත් ක්‍රමයකින් පිටපත්කොට විකිණීම නතර කර දෙන ලෙසටත් සිදු වූ අලාභයට වන්දි ලබා දෙන ලෙසත්ය.
විත්තිකරු විසින් මතුකළ ප්‍රධාන තර්ක දෙකකි.එනම්
1.ජෝ අබේවික්‍රම මහතා එකී කෘතියේ රුපවාහිනී අයිතිය විකුණා ඇති හෙයින් ජෝ අබේවික්‍රම මහතාට එකී ටෙලි නාට්‍යයේ අයිතියක් නොමැති බවත් ඒ අයිතිය ඇත්තේ ජාතික රූපවාහිනියට බවත්ය.නමුත් එම තර්කය අධිකරණය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ පැමිණිලිකාර ජෝ අබේවික්‍රම මහතා අදාල ගිවිසුම මගින් එකී නාට්‍ය ජාතික රූපවාහිනියට පමණක් විකාශනය කිරීමට පමණක් අයිතිය ලබා දී ඇති බවත් වෙනත් රුපවාහිනී ආයතනවලට විකිණීමට අවසර දී නැති බවයි.එසේ හෙයින් එකී ටෙලි නාට්‍ය වෙනත් රුපවාහිනී ආයතනවලට හෝ වෙනත් කෙනෙකුට විකිනීමට අයිතිය ඇත්තේ ජෝ අබේවික්‍රම මහතාට බවත්ය .
2.විත්තිකරු දෙවන කරුණ ලෙසට ඉදිරිපත් කලේ තමන් එකී රුපවාහිනී ටෙලි නාට්‍ය වීඩියෝ කොට තමාගේ සංරක්ෂණාගාරයේ සංරක්ෂණය කලේ සත්භාවයෙන් බවත් එවැනි ටෙලි නාට්‍ය 30 ක් පමණ තමන්ගේ සංරක්ෂණාගාරයේ සංරක්ෂණය කර ඇති බවත්ය.ඒ අනුව බුද්ධිමය දේපළ පනතේ 11 වන වගන්තිය යටතේ එවැන්නක් කිරීමට ජෝ අබේවික්‍රම මහතාගෙන් අවසර ලබා ගැනීමට අවශ්‍ය නැති බවයි.
අධිකරණය විසින් මෙම තර්කයද ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ අදාල වීඩියෝ පටය ජනතාවට විකුණා ඇති බැවින් බුද්ධිමය දේපළ පනතේ 11 වන වගන්තියට නොවැටෙන බවත් විත්තිකරු එකී කෘතියේ ජෝ අබේවික්‍රම මහතාගේ ප්‍රකාශන අයිතිය උල්ලංගනය වී ඇති බවට අධිකරණය තීරණය කොට පැමිණිල්ලේ වාසියට නඩුව තීන්දු කරන ලදී.
(ඊළඟ ලිපි පෙළෙන් වෙබ් අඩවියේ ඩොමේන් නාමය හා සම්බන්ධ බුද්ධිමය දේපළ පනතේ වෙළඳ ලකුණු නීතියට අදලවන්නේ කෙසේද ? වෙබ් අඩවි හරහා ඇතිකරගන්න ගනුදෙනු වලට අදාල ඉලෙක්ට්‍රොනික ගිවිසුම් වල නීතිමය තත්වය විග්‍රහ කරනු ඇත.)



An article by








thanks,It is very good and uesfull for us
බොහොම ස්තුතීයි………………………….
නොදන්න ගොඩක් දේ දැනගත්තා……….
ඩෙගටම ලියන්න …
ඔබට ජයෙන් ජය……………………………….!