Feb
15
2012

මංකොල්ලකාර බෑනා බේරාගැනීමට රුපියල් ලක්ෂයක අල්ලසක් ලබාදීමට තැත්කළ කත රක්ෂිත බන්ධනාගාරයට ………..

ඌරගස්මන්හන්දිය පොලිස් බලප්‍රදේශයේදී  මෝටර් රථයකින් පැමිණි මංකොල්ලකරුවන් දෙදෙනෙකු කාන්තාවකගේ රත්රන් මාලයක් වර්ෂ 2012 පෙබරවාරි මස 13 වන දින මංකොල්ල  කෑ අතර එම අවස්ථාවේම එකී මංකොල්ලකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට ඌරගස්මන්හන්දිය පොලිසිය සමත් විය.

එසේ අත්අඩංගුවට ගත් සැකකරුවකු නිදහස්කර දෙන ලෙස ඉල්ලා කාන්තාවක් විසින් පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂයක මුදලක අල්ලසක් ලබා දිමට තැත්කළ අවස්ථාවේ රුපියල් ලක්ෂය සමග එකී කාන්තාව පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.එසේ  අත්අඩංගුවට පත්වුයේ එදිරිමුණි කරුණාවතී නමැති හතලිස්  පස්හැවිරිදි කාන්තාවකි.

ඌරගස්මන්හන්දිය පොලිස් ස්ථානාධිපතිවරයා විසින් එකී කාන්තාව බී වාර්තාවක් මගින් ඇල්පිටිය ගරු මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.සැකකාරියට එරෙහිව ඉදිරිපත් කළ චෝදනාව වුයේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 159 වන වගන්තිය යටතේය. මේ සම්බන්ධයෙන් අල්ලස් පනත යටතේ නඩු පැවරීමට අවශ්‍ය උපදෙස් අල්ලස් කොමසාරිස් වරයාගෙන් ලබා ගන්නා ලෙස පොලිසියට ගරු මහේස්ත්‍රාත්තුමා විසින් තව දුරටත් නියෝග කරන ලදී.


VN:F [1.9.10_1130]
Rating: 10.0/10 (1 vote cast)
මංකොල්ලකාර බෑනා බේරාගැනීමට රුපියල් ලක්ෂයක අල්ලසක් ලබාදීමට තැත්කළ කත රක්ෂිත බන්ධනාගාරයට ..........., 10.0 out of 10 based on 1 rating

About the Author: madhawa lokusooriya

Leave a comment