27
2011
ද ෆිනෑන්ස් කම්පනි පී.එල්.සී එදිරිව අගම්පොඩි මහපේදිගේ ප්‍රියන්ත චන්දන සහ තවත් අය
තීන්දුව ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලය :-ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක නිමල්
ගාමිණී අමරතුංග සහ චන්ද්‍රා ඒකනායක
තින්දුව ලබාදුන් දිනය :- 2010-09-30
නඩු අංකය :-S.C.Appeal No: 105A/2008
තීන්දුවේ සාරාංශය.
වර්ෂ 2000-08-20 දින 2 වන වග උත්තරකාර බෙලිඅත්ත පොලිසියේ ස්ථානාධිපති විසින් මෙම නඩුවේ 3,4 සහ 5 වග උත්තරකරුවන්ව වාහන අංක;227-8130 දරණ වාහනයෙන් බලපත්‍රයක් නොමැතිව බුරුත දැව ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් කැලෑ ආඥා පනතේ 24(1)ආ සහ 25(2) වගන්ති යටතේ අත්අඩංගුවට ගෙන තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. එසේ සැකකරුවන් ඉදිරිපත් කිරීමේදී ඉහත සඳහන් කළ වාහනයද නඩු භාන්ඩයක් වශයෙන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලදී . මෙම අභියාචනයේ පළමු වග උත්තරකරු එකී වාහනයේ ලියා පදිංචි අයිතිකරු වූ අතර මෙම නඩුවේ වාහන ඉල්ලුම්කාර අභියාචක ද ෆිනැන්ස් සමාගමින් එකී වාහනය කල්බදු මුල්‍ය පහසුකමක් මත ලබාගෙන තිබුණි.ඉන්පසු 3 ,4 සහ 5 වන වග උත්තරකාර චුදිතයන් වෙත චෝදනා පත්‍රය කියවා දුන් අතර 3 වන වග උත්තරකාර චුදිත වරද පිළිගත් අතර 4 වන සහ 5 වන වග උත්තරකාර චුදිත නිවැරදිකරු කීමෙන් අනතුරුව ගරු උගත් මහේස්ත්‍රාත්තුමා නඩුව විභාගයට තබන ලදී .
වර්ෂ 2001 -08-16 දින 1 වන වග උත්තරකරු එනම් අංක:227-8130 දරණ වාහනයේ ලියාපදිංචි අයිතිකරු වාහනය තමන් වෙත මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව බැඳුම්කරයක් මත ලියා පදිංචි අයිතිකරුට වාහනය මහේස්ත්‍රාත් අධිකරණය මගින් මුදාහරින ලදී .එසේ වාහනය මුදාහැරිම සම්බන්ධයෙන් මෙම නඩුවේ අභියාචක වාහනයේ පරම අයිතිකාර ද ෆිනැන්ස් සමාගම දැනටමත් හිඟව පවතින රුපියල් 150,000 ක ලිසිං වාරික ගෙවා අවසන්කරණ බවට ලියා පදිංචි අයිතිකරු වූ පොරොන්දුව මත විරුද්ධ වුයේ නැත. කෙසේ නමුත් ලියා පදිංචි අයිතිකරු එම හිඟ ලිසිං වාරික තම සමාගමට නොගෙවීම සම්බන්ධයෙන් ගරු මහේස්ත්‍රාත් අධිකරණය දැනුවත්කිරීම මත වාහනය නැවත අභියචක ද ෆිනැන්ස් සමාගමට කොන්දේසි මත අධිකරණය මගින් සන්තකය භාරදෙන ලදී.
වාහනය රාජසන්තක කිරීමට අදාල විමසීමෙන් පසු ගරු උගත් මහේස්ත්‍රාත්තුමා විසින් වාහනය රාජසන්තක කරන ලදී .එසේ වාහනය රාජසන්තක කරන ලද්දේ අදාල අපරාධමය වරද කිරීමට අනුමැතිය ලබාදීම සහ එකී වරද සම්බන්ධයෙන් ලියා පදිංචි අයිතිකරුගේ දැනීමක් තිබුණු බවත් ,පරම අයිතිකාර සමාගම බලපත්‍රයක් නොමැතිව දව ප්‍රවහනය කිරීමේ වරද වැලැක්වීමට සුදුසු පියවර නොගැනිම යන පදනම මතයි.
ගරු උගත් මහේස්ත්‍රාත් තුමාගේ ඉහත කි වහනය රාජසන්තක කිරීමේ තීන්දුවට එරෙහිව අභියාචක සමාගම හම්බන්තොට දකුණු පළාත පළාත්බද මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන ලදී .අභියාචනය ඉවත නිෂ්ප්‍රභා කරමින් උගත් මහේස්ත්‍රාත් තුමාගේ තීන්දුව ස්ථිර කරන ලදී .එම තීන්දුවට එරෙහිව අභියාචනයට අවසර ඉල්ලීමක් කර ඇති අතර එයට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන් අතර දැනට තීන්දු වී ඇති විශාල නඩු තීන්දු ප්‍රමාණයක නීති තත්ත්වය විග්‍රහ කරමින් එකී වාහනය රාජසන්තක කිරීමට ගරු උගත් මහේස්ත්‍රාත් තුමාගේ තීන්දුවත් ,දකුණු පළාත්බද මහාධිකරණය ලබාදුන් තීන්දුවත් ස්ථිර කරන ලදී .
එහිදී ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ මර්කන්ටයිල් ඉන්වෙස්ට්මෙන්ට් ලිමිටඩ් එදිරිව මොහොමඩ් මවුලුම් සහ වෙනත් අය 1998 (3) ශ්‍රී.ලංකා නීති වාර්තා 32 නඩු තීන්දුව අනුව වාහනයක් රාජසන්තක කිරීම පිලිබඳ විමසිමකදී ලිය පදිංචි අයිතිකරුවෙකුට ඒ සබන්ධ නොතිසිය ලබාදෙනවා සේම පරම අයිතිකාර සමාගමටද නොතිසි ලබාදිය යුතු බවට තීන්දු කිරීමෙන් ලියා පදිංචි අයිතිකරු සහ පරම අයිතිකාර සමාගමද සමාන ලෙස සලකා ඇත.ඒ අනුව මෙම වරද කිරීමෙන් වැලැක්වීමට සුදුසු පියවර අභියාචක පරම අයිතිකාර සමාගමද ගත බවට තහවුරු කලයුතු බවත් එවැනි පියවරයන් මෙම වාහනය සමබන්ධයෙන් අභියාචක පරම අයිතිකාර සමාගම ගෙන නොමැති බැවින් වාහන රාජසන්තක කිරීමේ ගරු මහෙස්ත්‍රාත් තුමාගේ නියෝගයත්, හම්බන්තොට පළාත්බද මහාධිකරණයේ තීන්දුවත් ස්ථිර කරන ලදී .
(මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව දැනට වාහන රාජසන්තක කිරීමට අදාල ඉතා වැදගත් සහ සන්ධිස්ථාන නඩු තීන්දුවක් වේ. මෙහි සම්පුර්ණ ඉංග්‍රීසි පිටපතක් email මගින් අවශ්‍ය අයෙකුට නොමිලයේ ලබාදිය හැක. දුරකථන :-0777422524)
Read more »30
2011
සෝමාවතී එදිරිව විමලරත්න S/C Appeal No:-6/2001
තීන්න්දුව ලබාදුන් ශ්‍රේෂ්ටාධිකරණ ගරු විනිසුරු මණ්ඩලය :- ගරු ශිරාණි තිලකවර්ධන මැතිනිය , ගරු එන්.ඊ.දිසානායක මහතා සමග ගරු ගාමිණි අමරතුංග මහතා
තීන්දුව ප්‍රකාශයට පත් කල දිනය :- 03-10-2006
තීන්දුවේ සාරාංශය
මෙම නඩුෙවි අභියාචක සෝමවතී වර්ෂ 1994-04-22 දින 1889 අංක 19 දරණ නඩත්තු ආඥා පනතේ 2 වන වගන්තිය යටතේ සිය ස්වාමි පුරැෂයාගෙන් රැපියල් 1500 ක මාසික නඩත්තු මුදලක් ඉල්ලා ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරන ලදි.සෝමවතී, වගඋත්තරකරැ සමග වර්ෂ 1993-03-26 දින රෙජිස්ට්‍රාර්වරයෙකු ඉදිරියේ විවාහ විය.
විවාහ වීමෙන් පසු අභියාචක සෝමවතී වගඋත්තරකරැගේ නිවසේ නතර වී විවාහ ජීවිතය ආරමිභ කරන ලදි. මාස අටකට පමණ පසු අභියාචක සෝමාවතීට දැනගන්නට ලැබුණේ වගඋත්තරකාර ස්වාමි පුරැෂයා තමන්ගේ විවාහයට පෙර අනුලාවතී නමි වෙනත් කාන්තාවක් සමග විවාහයක් කරගෙන තිබූ බවයි.ඉන් පසුව වගඋත්තකරැ සිය නිවසින් පිටව යන ලෙස බලපෑමි කළ අතර සෝමාවතී වෛවාහක නිවසින් පිටව යන ලදි.
එකී පෙර විවාහය වගඋත්තරකරැ පිලිගත් අතර බහු විවාහය පිළිබඳ අපරාධ නඩුවේදී වරද පිලිගන්නා ලදි.
අභියාචක සෝමාවතී ඇයට නඩත්තු ඉල්ලා පැවරෑ නඩත්තු නඩුවේදී වගඋත්තරකරැ ප්‍රකාශ කළේ බහුවිවාහමය තත්වය යටතේ, පසුව සෝමාවතී සමග ඇති කරගත් විවාහය නීතිය ඉදිරියේ බලශූන්‍ය හෙයින් තමා සෝමාවතීට නඩත්තු ගෙවීමට නීත්‍යානුකූල බැඳීමක් නොමැති බවයි.මෙම විරෝධතාවය උගත් මහේස්ත්‍රාත්තුමා පුතික්ෂේප කරමින් සෝමාවතීට නඩත්තු ගෙවිය යුතු බවට නියෝගයක් ඇතුලත් කරන ලදි.
එකී නියෝගයෙන් සෑහීමකට පත් නොවූ වගඋත්තරකරැ දකුණු පළාතේ බලපිටිය පළාත්බද මහාධිකරනයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර එම අධිකරණයේදී තීරණය වූයේ පළමු විවාහය නීතියෙන් විසුරැවා නොහැර දෙවන වරට ඇතුලත් වූ විවාහය නීතිය ඉදිරියේ වලංගු විවාහයක් නොවන නිසා වගඋත්තරකරැගෙන් සෝමවතී හට නඩත්තු ලබා ගැනීමට නීතිය ඉදිරියේ නොහැකි බවයි.
මෙම තීරණයට එරෙහිව සෝමාවතී ගරැ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම අභියාචනය ඉදිරිපත් කළ අතර ගරැ ශ්‍රේෂ්ඨාධිකරණයට විසඳිය යුතුව තිබූ කරැණ වූයේ පළමු විවාහය නීත්‍යානුකූලව විසුරැවා නොහැර, එම විවාහය පවතිද්දී දෙවන වරට විවාහ වන විවාහයේ බිරිඳට නඩත්තු මුදල් ලබා ගත හැකිද? යන කරැණයි.
මෙහිදී ගරැ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය වූයේ විවාහ වන අවස්ථාෙවීදී දෙපාර්ශයයෙන් එක් පාර්ශවයකට තවත් පවතින විවාහයක් පැවතියහොත් දෙවන විවාහය මුල සිටම නීතිය ඉදිරියේ අවලංගු විවාහයක් වන බවත්, ඒතත්වය සාමාන්‍ය විවාහ ආඥා පනතේ 18 වන වගන්තියේ සඳහන් වන බවයි.එසේ හෙයින් නීතිය ඉදිරියේ අවලංගු විවාහයක නීතියතුලින් මතුවන ප්‍රතිඑල ඇති නොවන බවයි.
එසේ හෙයින් අභියාචක සෝමවතී විවාහ වී ඇත්තේ වගඋත්තරකාර සිය සැමියාගේ වෙනත් විවාහයක් පවතින විටදී හෙයින් සෝමාවතී සමග ඇතිකරගත් විවාහය නීතිය ඉදිරියේ මුල සිටම අවලංංගු එකක් වන නිසා සෝමාවතීට වගඋත්තරකරැගෙන් නඩත්තු ලබා ගත නොහැකි බවයි.
(ඉහත නඩු තීන්දුවල සිංහල පරිවර්තනය හැකිතාක් මා නිවරදිව අර්ථ නිරෑපනය කිරීමට උත්සාහ ගත් බවත් කිසියමි දෝෂයක් එහි දක්නට ඇත්නමි එය ගරැ අධිකරණයට හෝ තීන්දුව ලබාදුන් ගරැ විනිසුරැතුමන්ලා වෙත අපහාසයක් කිරීමට මා කිසිසේසත් අදහස් නොකළමි.)
Read more »26
2011
උපාලි ඉන්දතිලක අමදෝරැ එදිරිව ස්ථානාධිපති,විශේෂ අපරාධ විමර්ශන ඒකකය,වෙන්නප්පුව
උපාලි ඉන්දතිලක අමදෝරැ එදිරිව ස්ථානාධිපති,විශේෂ අපරාධ විමර්ශන ඒකකය,වෙන්නප්පුව (ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනා අංක-12ඒ/2009)
තීන්දුව දුන් දිනය :- 05-05-2011
ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරැ මණ්ලය :- ගරැ ශිරානි තිලකවර්ධන මැතිනිය සමග ගරැ ජේ රත්නායක,ගරැ සුරේෂ්චන්ද යන මහත්වරැන්
තීන්දුවෙ සාරාංශය
අභයාචක චූදිත රක්ෂණ නියෝජිතයෙක් ලෙස සෙලින්කෝඉන්ෂුවරන්ස් සමාගමෙ සේවය කරන අතරතුර රක්ෂණයවූ තැනැත්තෙකුගෙන් වංචනික ලෙස තම නමට චෙක්පතක් ලබාගැනීම හේතුකොටගෙන චූදිත- අභියාචකට එරෙහිව වෙන්නප්පුව විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා විසින් දණ්ඩනීති සංගහයේ 403,386 සහ 389 වගන්ති යටතේ එනමි පිළිවෙලන් වංචාව,සාපරාධී සාවද්‍ය පරිහරණය සහ සාපරාධී විශ්වාසය කඩකිරීම යටතේ වර්ෂ 2001-10-24 දින මාරවිල මහේස්තාත් අධිකරණයේ නඩු පවන ලදි. චූදිතට ඉදිරිපත් කළ චෝදනා පතට නිවරදිකරැ බව අභියාචක චූදිත සිය උත්තරවාදය ඉදිරිපත් කරන ලදි. චූදිත ඉදිරිපත්කළ මූලික විත්තිවාචකය තමන්ට එරෙහිව ගොනුකළ චෝදනා පත චෙක්පත නිකුත්කළ රක්ෂණය වූ පුද්ගලයාට අලාභයක් වී නොමැතිවීම මත කාර්යපටිපාටික ලෙස චෝදනාපත අවලංගු එකක් බවයි.වර්ෂ 2011 -09-11 දින ගරැ උගත් මහේස්තාත්වරයා නව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙ අයිතිය පැමිණිල්ලට තබමින් පැමිණිල්ල නිශ්පභා කොට චූදිත අභියාචක මුදාහරින ලදි.
ඉන්පසුව වර්ෂ 2003 ජූලි මස 2 වන දින විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා අපරාධ නඩුවිධාන සංගහයේ 136(1) ආ වගන්තිය යටතේ වාර්තාවක් ඉදිරිපත් කරමින් චූදිතට එරෙහිව සාපරාධී සාවද්‍ය පරිහරණය සහ වංචාව යන චෝදනා ඉදිරිපත් කරන ලදි.මෙම වාර්තාව මගින් සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගම පැමිණිල්ලේ සාක්ෂිකරැවකු වශයෙන් ඉදිරිපත් කරන ලදි.මෙම අවස්ථාෙවීද චූදිත අභියාච චෝදනා පතයට නිවරදිකරැ බව කියා සිටින ලදි. මේ අනුව නඩුව විභාගයට තැබූ අතර පැමිණිල්ලේ සාක්ෂි අංක 1 කැදවන ලදි.
ඉන් පසුව පැමිණිල්ල ගරැ අධිකරණයේ අවසරය මත වර්ෂ 2004 සැප්තැමිබර් මස 8 වන දින චෝදනා පත සංශෝධනය කළ අතර මෙම අවස්ථාෙවිදී චූදිත අභියාචක මෙම නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාම සමිබන්ධයෙන් විරෝධතාවයක් ඉදිරිපත් කරන ලදි.එකී විරෝධතාවය වූයේ වර්ෂ 2002-09-11 දින ගරැ අධිකරණය විසින් පැමිණිල්ල නිශ්පභ කරමින් චූදිත අභියාචක මුදාහැර ඇති බැවින් නැවත චෝදනාපතක් ඉදිරිපත්කොට නඩුව විභාගයට ගැනීම මගින් අපරාධ නඩු විධාන සංගහයේ 314 වගන්තියේ විධිවිධාන උල්ලංඝනය කරන බවයි .මෙම විරෝධතාවය අධිකරණය පතික්ෂේප කළ අතර එකී නියෝගය පතිශෝධනය කරවා ගැනීමට උතරැ මැද පළාත්බද හලාවත මහාධිකරණයට පතිශෝධන ඉල්ලුමි පතක් චූදිත ඉදිරිපත් කරන ලදි. එහිදී ගරැ මහේස්තාත් අධිකරණයේ දුන් නියෝගය ස්ථිරකරමින් චූදිතෙග් ඉල්ලීම පතික්ෂේප කරන ලදි. එකී පළාත් බද මහාධිකරණයේ නියෝගය සමිබන්ධයෙන් අභියාචනයක් ගරැඅභියාචනාධිකරණයට චූනදිත අභියාචක ඉදිරිපත් කළ අතර එහිදීද එම ඉල්ලීම ඉවතලන ලදි. ඉන් පසුව ගරැ අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහිව අභියාචනයට අවසර ඉල්ලීමක් කළ අතර ඒ අනුව ශේෂ්ඨාධිකරණයට මෙම අභියාචනය චූදිත අභියාචක ඉදිරිපත් කරන ලදි.මෙම අභියාචනයේදී ගරැ අධිකරණයට පහත කරැණු දෙක සමිබන්ධයෙන් සලකා බැලීමට සිදුවිය. එනමි
1. මාරවිල මහේස්තාත් අධිකරණයේ නඩු අංක 60172 නඩුව සමිබන්ධයෙන් වර්ෂ 2002-09-11 දින ලබාදුන් නියෝගය අපරාධ නඩුවිධාන සංගයේ 186 වගන්තිය යටතේ හෝ එහි අතුරැ විධානයට අදාලව කරන ලද්දක්ද? (Was the order dated 11thSeptember 2002 given by the Magistrates court of Marawila in case No 60172 under section 186 of the Criminal procedure code or under the proviso?)
2. එම නියෝගය අපරාධ නඩු විධාන සංගහ පනතේ 186 වගන්තියේ අතුරැ විධානයට අනුව කළේ නමි එම නියෝගය අපරාධ නඩුවිධාන සංගහයේ 314 වගන්තිය තුලට වැටෙන ආකාරයට එය නිදොස් කිරීමක් ලෙස සැලකිය හැකිද? (If the said order was made in terms of the proviso to section 186 is that tantamount to acquittal in terms of section 314 of the Criminal Procedure code?)
වර්ෂ 2002-09-11 දින උගත් මෙහ්ස්තාත් අධකරණය ලබාදුන් නියෝගය අනුව චූදිත මුදාහරින ලද්දේ නැවත පැමිණිලි පක්ෂයට නැවත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීෙමී අයිතිය රදවා තබාගනිමිනි.නඩුවක හුදු කාර්යපටිපාටිය නතර කිරීම අපරාධ නඩු විධාන සංගහයේ නිදොස් කිරීමක් ගණයට නොවැටෙන බවද, අපරාධ නඩු විධාන සංගහයේ 314(1) වගන්තියේ භවිතාවන විභාගයට ලක්කල (tried) යන්න පැමිණිල්ලේ සහ විත්තියෙ නඩුවේ සාක්ෂි විමසීමක් කළ තිබිය යුතු බවත් එසේ හෙයින් අපරාධ නඩුවිධාන සංගහයේ 186 අතුරැ විධානය මගින් කරන නිදොස් කිරීමක් එකී පනතේ 314 වගන්තියට වැටෙන නිදොස් කිරීමක් නොවන හෙයින් චූදිතට එරෙහිව නැවත නඩුවක් පැවරිය හැකි බව දන්වමින් චූදිත අභියාචකගේ අභියාචනය නිශ්පභා කරන ලදි.
Read more »Recent Comments
- madhawa on ව්‍යාජ චෝදනා මව/පියා වෙත එල්ලකොට දරුවාගේ භාරකාරීත්වය ලබාගත හැකිද?….
- sama on කිරුම් මිනුම් උපකරණ භාවිතයේදී දැනගතයුතු කරුණු ………නීතිඥ එල්.ජී සන්ධ්‍යා ගීතානි විසිනි.
- sandya Geethani on ව්‍යාජ චෝදනා මව/පියා වෙත එල්ලකොට දරුවාගේ භාරකාරීත්වය ලබාගත හැකිද?….
- සන්ධ්‍යා on මිනීමැරීමේ අධිචෝදනාවෙන් චුදිතයන් නිදොස්කොට නිදහස් කිරීමට ජුරිය තීන්දු කරයි ………
- සන්ධ්‍යා on කෞතුකාගාරයෙහි පුරා වස්තු සොරුන්ට කුමක් වේද ?



An article by


