29
2011
සේවක අර්ථ සාධක හිඟ මුදල් මුල්වරටම මහේස්ත්‍රාත් අධිකරණයෙන් අය කර ගත හැකිද?
(මෙම චිත්‍රයේ ප්‍රකාශන අයිතිය නීතිඥ මාධව ලොකුසූරිය සතු අතර අවසරයකින් තොරව උපුටා ගැනීම 2003 අංක 38 දරණ බුද්ධිමය දේපල පනත යටතේ සිරදඬුවම් ලැබිය හැකි අපරාධ වරදකි )
1956 බලය පත් බණ්ඩාරනායක රජයේ කම්කරු ඇමතිවරයෙකුව සිටි ටි .බි ඉලංගරත්න මහතා විසින් 1958 පෙබරවාරි මස 12 වන දින ජාතික අර්ථසාධක අරමුදලක් පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන ලදී.රජයේ සේවකයන්ට විශ්‍රාම වැටුපක් තිබුනද පෞද්ගලික අංශයේ සේවකයන්ට සේවයෙන් විශ්‍රාම යාමෙදී 1958 වර්ෂය වන තෙක් කිසිදු මුල්‍යම සහනයක් තිබුණේ නැත.ඒ අනුව 1958 අංක 15 දරණ සේවක අර්ථ සාධක අරමුදල් පනත 1958 පෙබරවාරි 5 වන දින සභා සම්මත විය.මෙම පනත 1965,1970,1971,1985, 1988,වර්ෂවල සංශෝධනයන්ට ලක්විය.කෙසේ නමුත් මෙම පනතේ නීතිමය ප්‍රතිපාදන අනුව සේවායෝජකයන් නිසිපරිදි සේවකයන් වෙනුවෙන් ගෙවිය යුතු අරමුදල් නිසිපරිදි නොගෙවන අවස්ථා බොහෝය.මේ අනුව මෙසේ මෙම අරමුදල වෙත සේවකයන් වෙනුවෙන් සේවයෝජකයන් විසින් නොගෙවා ඇති අරමුදල් අයකරගැනීමේ ක්‍රියා පටිපාටියද පනතේ දක්වා ඇත.
ඒ අනුව පනතේ 17 වන වගන්තියේ දක්වා ඇත්තේ සිවිල් නඩු විධාන සංග්‍රහයේ ලඝු කාර්ය පටිපාටිය අනුව රජයට අයවිය යුතු ණයක් ලෙස සලකා නඩු පවරා හිඟ හෝ පැහැර හෑර ඇති අරමුදල් අයකර ගත යුතු බවයි.
Section 17
“Any moneys due to the fund shall be recoverable ,as a debt due to the state,by an action in which proceedings may be taken by way of summary procedure.The provisions of the Civil Procedure Code relating to action of which the procedure is summary shall apply to an action under this section,and,for the purposes only of the application of such provision to such action,section 8 of that act shall have effect as if,for the words a”by this ordinance” occurring in that section,there were substituted the words’by this ordinanase ‘ occurring or by any other written law”……………………………………………
සේවක අර්ථසාධක හිඟ අරමුදල අයකරගැනීම් ප්‍රයෝගික සහ ඉක්මන් නොවන්නේ නම්(impracticable or inexpedient)පනතේ 38(1)වගන්තිය යටතේ කම්කරු කොමසාරිස්වරයා විසින් හිඟ අරමුදල් ප්‍රමාණය ඇතුලත් සහතිකයක් දිසා අධිකරණයට ඉදිරිපත්කිරිමෙන් එකී දිසා අධිකරණයේ තීන්දු ප්‍රකාශයක් ඇතුළත්කොට රිට් බලය පිස්කල්වරයා මගින් ක්‍රියාත්මක කොට පැහැර හරි සේවායෝජකයාගේ දේපල තහනමට ගෙන අරමුදල් පියවා ගැනීම දෙවන ක්‍රමයයි.
තෙවන ක්‍රමය වන්නේ පනතේ38(2)වගන්තිය යටතේ අදාල සේවා යෝජක වගඋත්තරකරු කරමින් හිඟ අරමුදල් ප්‍රමාණය ඇතුලත් සහතිකයක් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කොට අදාල හිඟ අරමුදල් ප්‍රමාණය ලබා ගැනීමයි.
ඉහත ක්‍රම අතුරින් කම්කරු කොමසාරිස්වරයා සාමාන්‍යයෙන් හිඟ අරමුදල් අයකරගැනීමට අනුගමනය කරන්නේ ඉහත කී තෙවන ක්‍රමයයි.එනම් පනතේ 38(2)යටතේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා හිඟ අරමුදල් අයකර ගැනීමේ ක්‍රමයයි.නමුත් මෙම ක්‍රමය K.A.Dayawathi vs D.S. Edirisinha &another (S.C.F.R 241/08)නමැති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව පනතේ 17 වන වගන්තිය යටතේ සහ 38(1)වගන්තිය යටතේ වන ක්‍රමවේදයන් අනුගමනය කිරීමෙන් පසු එකී හිඟ අරමුදල් අයකර ගත නොහැකිනම් පමණක් පනතේ 38(2)වගන්තිය යටතේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිය හැකි බවයි.
ඉහත කි නඩුව මුලික අයිතිවාසිකම් සම්බන්ධ නඩුවක් වූ අතර ඉහත කි නීති තත්වයද විග්‍රහ කොට ඇත.මෙම නඩුවේ පෙත්සම්කාරිය වුයේ මොබිස්ටාර් ටෙලිකොම් පෞද්ගලික සමාගමේ 61 හැවිරිදි අධ්‍යක්ෂවරියකි.වර්ෂ 2008 මැයි මස 25 වන දින ඇය නිවසේ සිටින අවස්ථාවේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු පැමිණ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත්කොට ඇති වරෙන්තුවක් මත ඇයව අත්අඩංගුවට ගන්නා ලදී.කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇයට වරෙන්තු නිකුත්කොට තිබුනේ ඇයගේ සමාගම විසින් සේවක අර්ථසාධක අරමුදල් නොගෙවීම සම්බන්ධ නඩුවකට අධිකරණය හමුවේ පෙනී නොසිටීමයි.
ඉන්පසුව හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අනාවරණය වුයේ ඈය අධ්‍යක්ෂ ධුරය දරණ සමාගමට අදාල සේවක අර්ථසාදක හිඟ මුදල් ගෙවා ඇති බවත් මොස්කිටෝ කොයිල් සමගමට අදාල නඩුවක අධ්‍යක්ෂ මණ්ඩලයේ නම් ලැයිස්තුවට වැරිදි ලෙස ඉහත කී තැනැත්තියගේ නම කම්කරු කොමසරිස්වාරයා විසින් නොසැලකිලිමත් ලෙස ඇතුලත් කොට ඇති බවයි. ඒ අනුව චුදිත අධ්‍යක්ෂවරිය ගරු උගත් මහේස්ත්‍රාත්වරයා විසින් වහා නිදහස්කරන ලදී.නිදහස් කරමින් පහත නියෝගය කර ඇත.
“According to form 48 which was tendered to court,she is not a Director of the company relevant to this application.She is a Director of a company called Mobistar Telecom(pvt)L.td.The Department of Labour has negligently tendered the wrong names in court.Therefore,the said accused is dischaged”
මේ නිසා ඉහත කි අධ්‍යක්ෂවරිය නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම් හේතුකොට ගෙන ඈය පැවරු මුලික අයිතිවාසිකම් නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාණි තිලකවර්ධන මැතිනිය ප්‍රකාශ කලේ පනතේ 17 සහ 38(1)වගන්තිය යටතේ නඩු නොපවරා මුල්වරටම 38(2)යටතේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිය නොහැකි බවයි.
නමුත් අභියාචනාධිකරණ නඩු අංක:C.A/WRIT/APP/No:1126/2004,Jewelatrs Limited යන නඩුවේදී පෙරකී ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තින්දුව අනුගමනය කොට නැත.එනම් මෙහිදී ශ්‍රී ස්කන්ධරාජා විනිසුරුතුමා ප්‍රකාශකලේ පනතේ 17 සහ 38(1)වගන්ති අනුව හිග අර්ථසාධක අරමුදල් අයකරගැනීම ප්‍රයෝගික සහ ඉක්මන් නොවන්නේ නම 38(2)වගන්තිය යටතේ මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රථමවරට නඩු පැවරීම නීතියානුකුල බවයි.මෙම තීන්දුවට එරහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා අවසර ඉල්ලීම් පිළිබඳ Supreme Court”Special LA”34/2009 නඩුවේදී අභියාචනා අවසර ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් අභියාචනාධිකරණයේ තීන්දුව අනුමත කොට ඇත.එම නඩු තීන්දුව 2009-06-22 දින ප්‍රකාශයට පත්කොට ඇත.
ඉන්පසුව වර්ෂ 2011-5-9 දින ගරු අහියචනධිකරණය මගින් තින්දුකල C.A(Revision)1/2010 නදුවේදීද Jewelarts තීන්දුව අනුගමනය කොට ඇත.මේ අනුව තීරණය කලහැක්කේ හිඟ අර්ථසාධක අරමුදල් අයකර ගැනීමේදී පනතේ 17 සහ 38(1)වගන්තිය යටතේ අයකර ගැනීම ප්‍රයෝගික සහ ඉක්මන් නොවන බවට කම්කරු කොමසාරිස්වරයා තීරණය කරන්නේ නම් පනතේ 38(2)යටතේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුපැවරීමට හැකියාව ඇති බවයි.
Read more »14
2011
අනේ ස්වාමීණි මට වැලිකඩට මාරුවක් දෙන්න ………………….

Image of a Magistrates Court of Sri Lanka (Copyrights Reserved) මෙම චිත්‍රයේ සම්පුර්ණ අයිතිය මෙම වෙබ් අඩවියේ කතෘ නීතිඥ මාධව ලොකුසූරිය සතුවන අතර පුරව අවසරයකින් තොරව උපුටා ගැනීම 2003 අංක 36 දරණ බුද්ධිමය දේපල පනත යටතේ සිරදඬුවම් ලැබියහැකි වරදකි.
පසුගිය දිනයක ගාල්ල දිස්ත්‍රික්කයේ එක්තරා මහාධිකරණයක මහධිකරන විනිසුරුවරියක හමුවට බන්ධනාගාරගතව සිටින සැකකරුවෙකු බන්ධනාගාරය මගින් ඉදිරිපත්කරන ලදී.එකී සැකකරුට එරෙහිව වූ චෝදනාව වුයේ මිණිමැරීමේ වරදයි.චුදිත වෙනුවෙන් නීතීඥ පෙනී සිටීමක් තිබුණේ නැත.ඒ වනවිටත් චුදිත වසර පහකටත් අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ පසු වේ.ගරු අධිකරණය මගින් චුදිත වෙත ඇප ලබාදී තිබුණද, ඇප තැබීමට පවුලේ කිසිවකු ඉදිරිපත් නොවීම නිසා චුදිත රක්ෂිත බන්ධනාගාරයේ පසු වේ. වයස අවුරුදු හතළිස්පහක පමණ මැදිවියේ පිරිමි අයෙකු වූ චුදිත සිනහමුසු මුහුණින් විත්තිකුඩුවට නැගුනු අතර චුදිත ඇමතු මහාධිකරණ විනිසුරුවරිය තමන්ට නීතිඥ වරයෙක් පෙනී සිටින්නේදැයි ප්‍රශ්න කළේය.සිනහ මුසු මුහුණින් චුදිත “නැත ” යනුවෙන් පිළිතුරු ලබා දුනි.නැවත චුදිත ඇමතු විනිසුරුවරිය තමන් වෙනුවෙන් නීතිඥ වරයෙකු රජයේ වියදමින් පත්කිරීමට තමන් කැමතිදැයි විමසුවාය.අවශ්‍ය නැතැයි චුදිත ප්‍රකාශකළේ කිසිදු පැකිලීමකින් තොරවය. ඉන් පසුව චුදිත ඇමතු ගරු මහාධිකරණ විනිසුරු වරිය ප්‍රකාශකළේ
මිනීමැරීමේ චෝදනාවට චුදිත වැරදි කරු වුවහොත් මරණීය දණ්ඩනය පැනවීමට සිදුවන බවත් දැනට මරණිය දණ්ඩනය ක්‍රියාත්මක නොකරන හෙයින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳීමට සිදුවන බවයි. චුදිත සිනහමුසු මුහුනින් මහාධිකරණ විනිසුරුවරිය දෙස බලා කියා සිටියේ එහෙනම් වැලිකඩ බන්ධනාගාරයට මාරුවක් ලබාදෙන්නේනම් වඩා හොඳ බවයි. මහාධිකරණයේ නීතීඥ මණ්ඩලය පුදුමයෙන් බලාසිටියේ ඇප ලබාගැනීමට සැකකරුවන් කොයිතරම් තමන්ට කරදර කරන්නේද යන්නයි. නමුත් මෙම චුදිත බන්ධනාගාරයේ සිටීමට කොතරම් කැමැත්තක් දක්වන්නේද කියාය. ඉන්පසු මෙම චුදිත සමග කතාබස්කළ නීතිඥ මහතෙකුට එකී චුදිත ප්‍රකාශ කළේ තමන්ට යාමට නිවසක් හෝ බැලීමට ඥාතියෙකු නොමැතිබවත්,තමන්ට බන්ධනාගාරයෙන් හොඳ හැටි කෑම ලැබෙන බවත්,බන්ධනාගාරය තුලදී දිනකට ආහාර වේල දෙකකට බත් සමග මස් කෑමට ලැබෙන බවයි. නීතිඥ මහතා තමන්ගේ සහෝදර නීතිඥ මහතෙකුට ප්‍රකාශකළේ “අයි මචං අපිවත් එක දවසකට දෙපාරක් මස්කන්නේ නැනේ ” කියාය .
Read more »Recent Comments
- madhawa on ව්‍යාජ චෝදනා මව/පියා වෙත එල්ලකොට දරුවාගේ භාරකාරීත්වය ලබාගත හැකිද?….
- sama on කිරුම් මිනුම් උපකරණ භාවිතයේදී දැනගතයුතු කරුණු ………නීතිඥ එල්.ජී සන්ධ්‍යා ගීතානි විසිනි.
- sandya Geethani on ව්‍යාජ චෝදනා මව/පියා වෙත එල්ලකොට දරුවාගේ භාරකාරීත්වය ලබාගත හැකිද?….
- සන්ධ්‍යා on මිනීමැරීමේ අධිචෝදනාවෙන් චුදිතයන් නිදොස්කොට නිදහස් කිරීමට ජුරිය තීන්දු කරයි ………
- සන්ධ්‍යා on කෞතුකාගාරයෙහි පුරා වස්තු සොරුන්ට කුමක් වේද ?



![87[1] Immage of Sri Lankan Lawyer](http://lawpage.lk/wp-content/uploads/2011/10/8711-731x1024.jpg)
An article by


